හම්බන්තොට පළාත් පාලන ආයතන 12ක් වෙනුවෙන් අපේක්ෂකයින් 717ක් තරඟ බිමට

හම්බන්තොට පළාත් පාලන ආයතන 12ක් වෙනුවෙන් අපේක්ෂකයින් 717ක් තරඟ බිමට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති පලාත්පාලන දොළහ (12) අතුරින් සූරියවැව , වීරකැටිය ,හම්බන්තොට , අගුනුකොලපලැස්ස යන ප්‍රදේසිය සභා හතර සදහා නාම යෝජනා බාර දීම පසුගිය 14 වැනිදායින් අවසන් විය.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනෙකුත් පලාත්පාලන ආයතන 08 වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව, හම්බන්තොට මහ නගර සභාව, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, කටුවන ප්‍රාදේශීය සභාව, තංගල්ල මහා නගර සභාව, තංගල්ල ප්‍රාදේශීය සභාව, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සදහා නාම යෝජනා බාරදීමද 21 වනදායින් අවසන් විය .

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ විසින් අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා බාරදීම සිදුකළ අතර ජනසෙත පෙරමුණ, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හා තංගල්ල ප්‍රාදේශීය සභා දෙක සඳහාද , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත්ජාතික පෙරමුණ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාරදී තිබේ .

මීට අමතරව ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය හම්බන්තොට මහ නගර සභාවට මෙන්ම ස්වාධීන කණ්ඩායම් තුනක් සුරියවැව, හම්බන්තොට, කටුවන ප්‍රාදේශීය සභා සඳහා ද නාම යෝජනා බාරදී තිබේ .මේ අනුව හම්බන්තොට දිස්ත්‍රිකයේ පලාත්පාලන 12 ක් සදහා දේශපාලන පක්ෂ හතක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් තුනක් පපළාත් පාලන නාම යෝජනා භාර දී ඇත.

නාමයෝජනා බාරදීමේ අවසන් දිනය දින වූ 21 දින හම්බන්තොට පරිපාලන සංකීර්ණය අවට පොලිස් නිලධාරින් 200ක පමණ යොදවා තිබුණු බව හම්බන්තොට දිස්ත්‍රික් බාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment