මානසික රෝගී රියැදුරෙක් මෙල්බන් නුවර යකා නටයි.

මානසික රෝගී රියැදුරෙක් මෙල්බන් නුවර යකා නටයි.

මෙහිදී 19 දෙනෙක් තුවාළ ලැබූ අතර 14 දෙනෙක් රෝහල් ගත කරන ලදී. එයින් දෙදෙනෙකුගේ තත්වය බරපතළ ය. ඒ අතර බරපතළ ලෙස හිසට තුවාළ සිදුවූ කුඩා දරුවෙක් ද වෙයි.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් රථයේ රියැදුරාව අත්අඩංගුවට ගන්නා ලදී. 32 හැවිරිදි ඔහු, ඇෆ්ගන් සම්භවයක් සහිත ඔස්ටේ්‍රලියානු පුරවැසියෙක් වශයෙන් හඳුනාගෙන ඇත. තවද පොලිසිය පවසන්නේ මීට පෙර ද පහරදීම් ආදිය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා ඇති බවයි. තවද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් වශයෙන් ද මේ පුද්ගලයා සැලකේ. පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පළා යාමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.

මේ අතර තවත් අයෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එම 24 හැවිරිදි පුද්ගලයා මෝටර් රියේ සිටි අයෙක් නොවුණ ද ඔහු ජංගම දුරකථනයකින් ඒ අසල සිට සම්පූර්ණ සිද්ධියම වීඩියෝ කර තිබෙන බව ද හෙළි වෙයි. පිහියා පිරවූ මල්ලක් ද ඔහු සන්තකයේ තිබී ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී වීදිය පිරී ගොස් තිබුණේ නත්තල සඳහා සාප්පු සවාරි යන පිරිස්වලිනි. පාසල් දරුවන් ද ඒ අතර වූයේ ශීත සෘතු නිවාඩුව ඔවුන්ට ලැබී තිබූ නිසා ය.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි තවම සනාථ වී නැති අතර පොලිස් විමර්ශන තවදුරටත් පැවැත්වෙයි. ඔස්ටේ්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මෙන්ම මේ වන විට බොක්සිං ඩේ අළු බඳුන තරගාවලිය සඳහා මෙල්බන් නුවර බලා පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි.

ක්‍රිකට් ලෝලීන් සහ නත්තල් සාප්පු සවාරි යන්නන් හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය මෙල්බන් නුවර නගර මධ්‍යස්ථානය ඉදිරි සති දෙකක කාලය තුළ තවදුරටත් ජනාකීර්ණ සහ කාර්යබහුල වීමට නියමිත බැවින්, සිය ගණනක් අතිරේක පොලිස් භටයන් පිරිසක් මේ වන විට නගරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

 

මේ වසරේ ජනවාරි මාසයේ ද මෙල්බන් නගරයේ මෙම අනතුර සිදුවූ ස්ථානයට මීටර දෙතුන් සියයක් නුදුරින් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර එහිදී සිව් දෙනෙක් මිය ගොස් 20 දෙනෙක් පමණ තුවාළ ලැබූහ.

- අමාලි ජයවීර

 

-

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment