කොළඹ නගර සභාව බිලියන 15ක ආදායමක් අපේක්ෂාවෙන්.


කොළඹ මහ නගර සභාව 2018 වසරේදී රුපියල් බිලියන 15ක (මිලියන 15,680) ආදායමක් අපේක්ෂා කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා අද (21දා) පැවසීය.

එහිදී කිසිදු බද්දක් වැඩි නොකරන බවද ඔහු පවසා සිටියේය. ලබන වසර සඳහා නගර සභාව රුපියල් මිලියන 15,679ක් වියදම් කිරීමට බලාපොරොත්තු වන බවද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.

2018 වසර සඳහා කොළඹ නගර සභාව සකස් කළ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ නගර සභාවට පත්වන මන්ත්‍රීවරුන් 113 දෙනාට නගරයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑමට පහසු ආකාරයෙන් මෙවර අයවැය සකස් කළ බවත්, ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ වෙනත් සිවිල් සංවිධානවල උපදෙස් ලබාගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පත්වන මන්ත්‍රීවරුන් 113 දෙනා සඳහා රුපියල් මිලියන 113ක් වෙන්කර තිබෙන බවද ඔහු කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment