අර සංගම් මේ සංගම් වෙනුවට ටෙලිවිෂන් ශිල්පීන් වෘත්තිය වෙනුවෙන් සැබෑ ලෙස එක්වේ

ශ්‍රී ලාංකේය වත්මන් ටෙලිවිෂන් කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයින් මුහුණ පා සිටින අර්බුදකාරී තත්වයට පිළියම් යෙදීමට සහ, ඒ හේතුව නිසාම සිදුවෙමින් පවතින අයහපත් බලපෑම් නිසා සිදුවන සමාජයීය සහ සංස්කෘතික සෝදාපාළුව පිටු දැකීමේ අවශ්‍යතාවය මත වෘත්තීය ටෙලි ශීල්පීන් අලුතින් සංගමයක් වටා එක්ව සිටී.

මේ දක්වා දේශපාලනය හා විවිධ අවශ්‍යතා මත එක්වූ ශිල්පීය එකමුතූන්හි පරමාර්ථ පුද්ගලික මට්ටමෙන් තිබීමත් ඒ තුලින් වෘත්තීය මට්ටම ඉහළ දැමීමට කාර්යන් කිසිවක් ඉටු නොවීමත් පදනම් කරගෙන නව සංගමය එබඳු කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සැබෑ වෘත්තීය අරමුණින් එක්ව තිබේ.

 පරමාර්ථ සහ අරමුණු 07 පදනම් කරගෙන වෙලිවිෂන් ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීය අංශවල දායකත්වයෙන්,
2017 දෙසැම්බර් මස 15 වැනි දින, ජනමාධ්‍ය අමාතාන්‍යාශයේ දී “ටෙලිවිෂන් වෘත්තිකයින්ගේ ජාතික සංගමය” පිහිටුවා ඇත.


පළමු සභාවාරයේදී සභාපතිනිය ලෙස - දීපානි සිල්වා (රංගන ශිල්පිණි) සහ ලේකම් ලෙස උදේනි සුබෝධ කුමාර (කලා අධ්‍යක්ෂ) තේරී පත්ව ඇත. සංගමයේ අරමුණු පහත පරිදිය.

(i) ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා වගකීම් සහගත, කුසලතාපූර්ණ, රෝගකාරවණීය වෘත්තිකයින් පිරිසක් බිහිකිරිම,

(ii) ටෙලි නිෂ්පාදනයන්ට ඍජුවම අදාල සියලු වෘත්තීන් හට වගකීම් සහගත රාජ්‍ය පිළිගැනීමක් ලබා ගැනීම.

(iii) ටෙලි වෘත්තිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම.

(iv) ටෙලි වෘත්තිකයින් වන් ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් විධිමත් අධ්‍යාපනික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.

(v) ටෙලි වෘත්තිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ස්ථිරසාර සුභසාධන වැඩ පිළවෙලක් ගොඩ නැගීම.

(vi) ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා වැඩ සටහන් දියත් කිරීම.

(vii) රූපවාහිනී ප්‍රේකෂකයින් තුල ඉහළ රසවින්දන ශක්තියක් ගොඩ නැගීම.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment