පිටකොටුව ස්ටෑන්ඩ් එකෙන් ඔන්ලයින් බස් බුක් කරන්න ඇසූ මගියාට කුණුහරුප සංග්‍රහයක් (ඕඩියෝ)


පිටකොටුව ස්ටෑන්ඩ් එකෙන්
ඔන්ලයින් බස් බුක් කරන්න ඇසූ මගියාට

කුණුහරුප සංග්‍රහයක් (ඕඩියෝ)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුවේ පිහිටා ඇති මධ්‍යම බස් නැවතුමේ පාරිභෝගික සේවා අංකයට ඇමතුමක් ලබාගත් මගියෙකු කොළඹ සිට අම්පාරට බස් රථයක් වෙන් කරගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී
ලැබුණ ‘කුණුහරුප සංග්‍රහයක්‘ අඩංගු ඕඩියෝ පටයක් අපට වාර්තාවී තිබේ.

මෙහිදී මගියා අසන ප්‍රශ්න වලට ඇමතුමට සම්බන්ධවන නිලධාරියා මුලදී හොඳින් පිළිතුරු සැපයුවත් වැඩි විස්තර අසන්නට ඉඩ නොතබා දුරකථනය පසුව විසන්ධි කරන අතර නැවත සම්බන්ධවී වැඩි විස්තර විමසීමේදී
 කුණු හරුප සංග්‍රහයක් සිදු කරනු අසන්නට ලැබේ.

මගියාට අවශ්‍යව ඇත්තේ බස් රථ වෙන් කිරීම එම ස්ථානයට පැමිණම සිදු නොකර එයට විකල්ප ක්‍රම නැතිද යන්න දැනගැනීමටයි. නමුත් ඊට බුරුලක් නොසපයන නිලධාරියා එම ප්‍රශ්නය ඇසීමම තමාට කරදරයක් සේ සලකන අයුරු හඳුනාගන්නට ලැබේ.

‘සුද්දට කිව්ව නම් එක පාරට අහනව අපේ අය මෙහෙම තමා‘ යනුවෙන් උපදේශයක්ද සමගින් ඔහු කුණු හරුප සංග්‍රහය සිදු කිරීම විශේෂත්වයකි.
සිදුවීමට අදාළ හඬ පටය පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment