සිංහල මුස්ලිම් ගැටලු මතුකළ අක්බාර් ටවුම යයි නම් කළ එඩේරමුල්ල නැවත පැරණි නමට

පළාත් පාලන කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමේදි මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම්
හතරක් එක්කර අක්බාර් ටවුන් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර එයින් ජාතිවාදය සම්බන්ධ ගැටලු මතුවිය.
පෙර භාවිත එඩේරමුල්ලට අදාලව අක්බාර් ටවුන් ලෙස නම වෙනස් කිරීම වෙනස් කර

නැවත පෙර නමම යොදන්නට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.
ඒ අනුව අක්බාර් ටවුන් කොට්ඨාසය එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට සලකා බලන බවද ඒ සඳහා කමිටුවක් පත්කර ඇති බවද ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
සිද්ධියට අදාළ මින්  ඉහත විස්තරය
සිංහල 'එඩේරමුල්ල' මුස්ලිම් 'අක්බාර් ටවුන්' නම මාරු කරපු කතාවේ ඇත්ත නැත්ත


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment