යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථම බයිපාස් සැත්කම සාර්ථකයි. දෙවන සැත්කමත් අද දිනයේ සාර්ථක ලෙස සිදු කරලා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථම බයිපාස් සැත්කම සාර්ථකයි. දෙවන සැත්කමත් අද දිනයේ සාර්ථක ලෙස සිදු කරලා.

වවුනියාවේ පදිංචි 27 හැවිරිදි එස්. රාජසේකරන් මහතාට මෙම හෘද සැත්කම සිදු කර ඇත. හෘද රෝග විශේෂඥ වෛද්‍ය එම්.එස්. මුහුන්දන් සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය එස්. ප්‍රේමක්‍රිෂ්ණා යන මහත්වරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම සැත්කමට සහභාගි වී සිටියහ.

මෙම රෝගියා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. සත්‍යමූර්ති මහතා පවසයි. මෙම සැත්කම සිදු කිරීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් දැනුම් දෙන ලදී. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා හෘද සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන්ට සුභ පැතුම් එක් කර සිටියේය.

ලංකා නිව්ස් වෙබ් මේ පිළිබඳ කළ සොයාබැලීමකදී හෙළි වූයේ අද දිනයේ (21) ඔවුන් දෙවැනි බයිපාස් සැත්කම ද සාර්ථක ලෙස සිදුකර ඇති බවයි. සතියකට බයිපාස් සැත්කම් දෙකක් බැගින් සිදුකිරීමට යාපනය ශික්ෂණ  රෝහල දැනට සැලසුම් කර ඇති අතර ඉදිරියේදී පහසුකම් වැඩිදියුණු වන ආකාරය අනුව මෙම සංඛ්‍යාව වැඩි කිරීමටද බලාපොරොත්තු වන බව ද යාපනය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා අප සමග පැවසීය.

- අමාලි ජයවීර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment