පුංචි ජන්දය පෙබරවාරි 17ට පෙර - ආයතන 248ක නාමයෝජනා අද සිට

පුංචි ජන්දය පෙබරවාරි 17ට පෙර - ආයතන 248ක නාමයෝජනා අද සිට

මෙය මැතිවරණ කොමිසමට ඉතා අපහසු මැතිවරණයක් වන අතර පොලීසිය ඇතුළු අදාළ සියලුම රාජ්‍ය යාන්ත්‍රණයේ ශක්තිය මෙම මැතිවරණය වෙනුවෙන් යෙදවීමට සිදු වන බවයි දේශප්‍රිය මහතා සඳහන් කළේ. විවිධ පුද්ගලයන් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කළද අවසන් වශයෙන් එය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම වන අතර කෙසේ වෙතත් පෙබරවාරි 17 වැනිදා හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වෙන බවයි මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ. ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක් නොවන සියලු දෙනාටම පාහේ ජන්දය භාවිතා කිරීමට හැකි දිනයක මැතිවරණය පැවැත්වීම සඳහා සලකා බලන බවත් ඒ පිළිබඳව දේශපලනපක්ෂ වලින් ඉල්ලීම් ලැබී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment