2018 සංක‍්‍රමණික වර්ෂයක් බවට චම්පිකගෙන් ප්‍රකාශයක්!


පළාත් පාලන ප්‍රතිඵලය කවරක් වුවත් පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි. එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ රාශියක ඉරණම තීරණය වන මැතිවරණයක් ලෙස පළාත් පාලන මැතිවරණය හැඳින්විය හැකි බවත් ඔහු පවසයි.

“2018 වර්ෂය කිසියම් ආකාරයකට ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සංක‍්‍රමණික වර්ෂයක්. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණවල ප‍්‍රතිඵල කවරක් උනත් පවතින ඡන්ද ක‍්‍රමය නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු ප‍්‍රමාණයක ආණ්ඩු පිහිටුවීම ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ අතර ඇතිවන එකඟතාවයෙන් යුතු පළාත් පාලන ආණ්ඩු ඇතිවන බව නම් දැන් තබාම කිව යුතුයි. ඒවගේම මේ කි‍්‍රයාවලියත් සමග ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයේම, එක්සත් ජාතික පක්ෂයේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වගේම එක්සත් පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයේ මේ සියළුම දෙනාගේ දේශපාලන ඉරණම මෙයින් තීන්දු වෙනවා.

බොහෝ දෙනෙක් තමන් බලගතුයි, තමන් හොල්ලන්න බැහැයි කියා සිතුවට මේ මැතිවරණයේදී ඔවුන්ට එක්තරා ආකාරයකට පොදු ජනතාවගේ තීන්දුව පෙන්න පටන් ගන්නවා. මහජන රැළිවලට ලක්‍ෂ ගණන් සෙනග සල්ලි දීලා, බස් දාලා අද්දවගෙන ආවට මොකද ජනතාවගේ තීන්දුව ඊට වඩා වෙනස් බව 2015 දී ඔප්පු උනා.

ඒ නිසා මේ මැතිවරණයත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂයට තීරණාත්මකයි. ඔවුන් මාධ්‍යවලින් ගෙනයන, රැස්වීම්වලින් ගෙනයන පුම්බාගත් ජනප‍්‍රසාධය ඇත්තටම මේ මැතිවරණයේ තිබෙනවාද නැද්ද කියන එක මෙයින් තීරණය වනවා ඇති.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment