පොහොට්ටුව හොඳින් හෝ නරකින් ආණ්ඩු බලය ගන්න යයි.


“හොදින් හෝ නරකින් 2018 ආණ්ඩුවේ බලය අපි ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරලා  ඉවරයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (30)  බටපොලදී පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කිසිම ආකාරයකට ඡන්දයකට නොපැමිණෙන බවත ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

“බලයට,මුදලට කෑදරකමට අපිව අමාරුවේ දාලාගිය  ශ්‍රී ලංකාකාරයින්  ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙලා මේ පාර පළාත් පාලන  ඡන්දයට එන්න සාකච්ඡා කළා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. මම මහින්ද මහත්තයට කිව්වා අපි තනිවම ඡන්දය කරමු කියලා.

යම් විදිහකින් එකතුවෙලා ඡන්දය ඉල්ලනවා නම් මට තනිවම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න ඉඩ දෙන්න කියලා. අපිව හැරලා දාලා ගිය  ශ්‍රී ලංකාකාරයින් එක්ක එකතුවෙලා  ඡන්දය ඉල්ලනවට තදින්ම විරුද්ධවුණේ  මමයි නාමලුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවේ කවුද? සිරිසේන මහත්තයාමයි ඒක කළේ.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment