'බය' අංක 2 පොස්ටරයත් එයි : ගොතා 'බය' අමතකද? අසයි.
ගොතා 'බය' අමතකද? කියා සඳහන් කරමින් අද (04) උදැසන කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබේ.
මෙම පෝස්ටරයේ කිසිවකුගේ ජායාරුපයක් හෝ වෙනත් දර්ශනයක් නොමැති නමුත් එය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගියදා කොළඹ නගරයේ ප්‍රදර්ශනය කල පෝස්ටරයට ප්‍රතිචාරයක් ලෙස සැලසු දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක කොටසක් බව පෙනේ.
''අපි වෙනුවෙන් අපි" නමැති සංවිධානයක් විසින් "ගෝඨා අපේ'' යයි සඳහන් කරමින් එම පෝස්ටරය ප්‍රදර්ශනය කර තිබිණ.
''අපි වෙනුවෙන් අපි" අරමුදල කාගේද ? මෙම පොස්ටරයත් සමග විමසුමට ලක්විය
බය නැති අගමැති !
මේ අතර 'බය නැති අගමැති' යයි කියා සඳහන් පෝස්ටරයක් ද පසුගියදා කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර තිබිණ.
අගමැතිවරයා බැඳුම්කර කොමිසමට සහභාගිවූ දිනට පසුදින එම පෝස්ටරය නිර්මාණය කර ප්‍රදර්ශනය කර තිබුනේ එජාපයේ 'ග්‍රීන් බ්ලඩ්' සංවිධානයයි.
එය 'බය' නමින් සිදුකරන පෝස්ටර් ව්‍යාපාරයක පළමුවැන්න බව පෙනේ.
කෙසේවුවද එම පෝස්ටරය ප්‍රදර්ශනය වී දින කිහිපයකින් අගමැතිවරයා ඉන්දියාවේ කොල්ලූර් හි ශ්‍රී මූකම්බිකා දේවාලයේ පැවති පූජාවකට සහභාගී වීම සමාජ මාධ්‍යයන් හි හාස්‍යයට ලක්ව තිබිණ. ඒ බය නැති අගමැති බිය වී ඇතිබව සඳහන් කරමිනි.
අගමැතිවරයා මෙලෙස දේව පුජාවට සහභාගී වෙද්දී ‘බය නැති අගමැති’ පෝස්ටරය මෙරට බොහෝ ප්‍රදේශවල අලවා තිබින.
''අපි වෙනුවෙන් අපි" නමැති සංවිධානයේ "ගෝඨා අපේ' පෝස්ටර් ව්‍යාපාරයෙන් පසුවද සමාජ මාධ්‍ය ජාලයන්හි ඊට ප්‍රතිචාර ලෙස පෝස්ටර් රාශියක් පළකර තිබිණ.
ඉන් කිහිපයක් පහත දැක්වේ.
(SLM)
0 comments :
Post a Comment