දළපූට්‌ටුවාගේ දළවලින් පෙන්ඩන්ට්‌ හදලා


දළපූට්‌ටුවාගේ දළවලින් 
පෙන්ඩන්ට්‌ හදලා


වෙඩි තබා ඝාතනය කළ ගල්ගමුවේ "දළ පූට්‌ටුවා" හස්‌තියාගේ ඇත් දළවලින් නිමැවූ ග්‍රෑම් 09 කට අධික බරකින් යුත් රන් කොපු සහිත පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමග හස්‌තියා ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු පෙරේදා (2 දා) පස්‌වරුවේ නිකවැරටිය කොට්‌ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැනට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබාදුන් තොරතුරකට අනුව මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා
පොල්පිතිගම පිහිටි

ඔවුන්ගේ නිවෙස්‌වලදී කොටුකරගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුල්පොත ග්‍රාම නිලධාරි වශයෙන් කටයුතු කළ රාජාංගණ පනික්‌කියලාගෙදර චමින්ද ආරියරත්න (42) සහ දොරවේරුව ග්‍රාම නිලධාරි වශයෙන් කටයුතු කළ හුංදාවෙඩිකාරයලාගේ ඉන්දික සේනාධීර (32) යන දෙදෙනායි.

මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා ඇත්දළවලින් සකස්‌ කළ පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමඟ අත්අඩංගුවට ගත් බව ද ඒවායේ බර ග්‍රෑම් නවයකට අධික බව ද එම නිලධාරියා කියා සිsටියේය.

මෙම පුද්ගලයන් රන් කොපු යොදා ඇත්දළ වලින් පෙන්ඩන්ට්‌ සකස්‌ කර තිබූ බවද හෙතෙම කියා සිටියේය.

ඔවුන් සතුව තිබී හමුවූ පෙන්ඩන්ට්‌ ඝාතනය කරන ලද "දළ පූට්‌ටුවා" හස්‌තියාගේ දළවලින් නිර්මාණය කළ ඒවා බවට අනාවරණය වී තිබේ.

සැකකාර ග්‍රාම නිලධාරීන් දෙදෙනා මහව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගල්ගමුවේ "දළ පූට්‌ටුවා" හස්‌තියා හට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 7 කි.

මේ අතර පෙරේදා (02 වැනිදා) කහල්ල, පල්ලෙකැලේ අභය භූමිය තුළ ඝාතනය කර සිටි "දළ පූට්‌ටුවා" හස්‌තියාගේ සිරුර තිබූ ස්‌ථානයට ගිය වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් හා වනජීවී පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ යන මහත්වරු ඒ පිළිබඳව අවසන් පරීක්‍ෂණ සිදු කළහ.

ෙඑසේම ගල්ගමුව ලංකාගම විහාරස්‌ථානයේ නායක හිමියන් විසින් "ඝාතනය වූ" දළ පූට්‌ටුවා" වෙනුවෙන් පාංශු කූලය පවත්වනු ලැබීය.‍

ජගත් කණහැරආරච්චි, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, යාපහුව - විඡේරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment