2018 මුල් මාස 05 දී දශලක්ෂයක විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.



මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,017,819 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය පසුගිය වසරට වඩා 14.7% ක වර්ධනයකි.

මෙහිදී 2018 මැයි මාසය තුළ දී 129,466 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එය 2017 මැයි මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය වන 121,891 හා සැසඳීමේ දී 6.2% ක ඉහළ යාමකි.

සුපුරුදු පරිදි මැයි මාසයේ දී පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගෙන් ඉහුතරය ඉන්දියානුවන් ලෙසින් සටහන් වන අතර එය 42,073 ක් ලෙසින් සටහන් වේ. මෙය 2017 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානුවන් සංඛ්‍යාව වූ 34,167 හා සැසඳීමේ දී 23.1% ක වර්ධනයකි. වසරේ මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන ඉන්දියානුවන්ගේ සමස්ත එකතුව 173,366 කි.

2018 ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් පිළිබඳ විස්තරාත්මක සටහන් කිහිපයක් පහත දැක්වේ.








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment