ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක් තහනම්

නෝර්වේ ජාතික තරුණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් නිසා පසුගියදා තරග තහනමකට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ පරීක්ෂණ නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව ජාත්‍යන්තර තරග 6 ක තහනමක්
පනවා තිබේ.


නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනෙකු තමන්ට සිදුවූ හිරිහැරයක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු ධනුෂ්ක හා ඔහුගේ මිතුරු සෙල්ලයියා කොල්ලුපිටිය මුවන්පික් හෝටලයට ඔවුන් කැදවූ බව හා හෝටල් කාමරයකදී එම එක් තරුණියක අතවරයකට ලක්වූ බව පැවසිණි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරාට චෝදනා එල්ල වූ  පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණ අතර සිදුවීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු ධනුෂ්ක ගුණතිලකගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි. එහිදී පොලිසිය පැවසුවේ අතවරය සිදුකළේ මිතුරා මිස ධනුෂ්ක නොවන බවයි.
කෙසේ වෙතත් විනය නීති කඩමින් රාත්‍රී 10 ට පසුත් කාමරයට නොපැමිණීම මත ක්‍රිකට් ආයතනය ඔහුට දඩුවම් පනවා තිබුණි.
ධනුෂ්කට එරෙහිව ඉකුත් වසරේද විනය කඩකිරීමේ චෝදනාවක් එල්ලවී තරග තහනමට ලක්ව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment