වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද


වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද (27) සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

21 වන සියවසේ දීර්ඝතම

පූර්ණ චන්ද්‍රග්‍රහණය වන මෙය ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට දිස්වන බවත් එය හොඳින්ම දිස්වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ලබන 27 වන පොහෝ දින රාත්‍රීයේ සිට 28 වනදා අළුයම තෙක් පැය 06 යි විනාඩි 14 ක පමණ කාලයක් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන බව මහාචාර්යවරයා පෙන්වාදෙන්නේය.

මෙම චන්ද්‍රග්‍රහණය කොටස් වශයෙන් ලොව බොහොමයක් රටවලට දිස් වුවද මුළු චන්ද්‍රග්‍රහණයම හොඳින් දිස්වන්නේ නැගෙනහිර අප්‍රිකාව, මධ්ම ආසියාව සහ මැදපෙරදිග රටවලට බව චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙයින් පසුව 2025 වසර දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment