පැමිණීම දුර්වල 4 දෙනෙකු නිසා පේරාදෙණිය සරසවියම මාස 2 කට නවතී

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස 2 ක කාලයක් සඳහා වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය සඳහන් කළේ, සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටීම ඊට හේතුව බවය.මේ අනුව අද පස්වරු 6.00ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි සියලු සිසුන්ට
පාලනාධිකාරිය දැනුම් දෙයි.
පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටින

ඉංජිනේරු සිසුන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, පැමිණීම සම්පූර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. මුලදී මෙම ඉල්ලීමට පදනම් වූයේ ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යයන කටයුතු මෙන්ම සුබසාධන කටයුතු නිසි පරිදි ඉටු නොවීම වැනි ගැටලු කිහිපයක් වුවද පසුව විරෝධතාවේ සැබෑ හේතුව මතුවිය.

එම 4 දෙනා සියයට අසූව සම්පූර්ණ නොකිරීම නිසා විභාගයට පෙනී සිටිය නොහැකි බවට ඉංජිනේරු පීඨ අංශ ප්‍රධානීන් දැනුම් දුන් පසුව ඉංජිනේරු සිසු සංගම් එයට විරෝධය පළකරමින් කාර්යාලය තුළ පදිංචිවී මුළු සරසවියේම කටයුතු අඩාල වන ලෙස හැසිරීම මත මෙම තීරණය ගන්නට සිදුව ඇත.ජූලි මාසයේ මුල සිට මේ දක්වාම මෙම විරෝධතාව පැවතිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment