පසුගිය උසස්පෙළ විභාගයේ සරසවි කඩඉම් ලකුණු මෙන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සඳහා අවම ලකුණු අද ප්‍රසිද්ධ කෙරිණි
 ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ අවම ලකුණූ අනුව මෙවර සිසුන් 30141 දෙනෙකු විශ්ව විද්‍යාලයන්ට
ඇතුළත් කර ගැනීමට නියමිතය.

ජෛවීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 6796 දෙනෙකු, භෞතීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 5723 දෙනෙකු වාණිජ විෂය ධාරාව සඳහා සිසුන් 6119 දෙනෙකු කලා විෂය ධාරාව සඳහා සිසුන් 8874 දෙනෙකු, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා සිසුන් 1307 දෙනෙකු,ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා සිසුන් 955 දෙනෙකු හා වෙනත් විෂය ධාරාවන් සඳහා සිසුන් 367 දෙනෙකු ද වශයෙන් සිසුන් 30141 දෙනෙකු මෙවර විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.
2017 අධ්‍යයන වර්ෂය සඳහා නිකුත් කළ අවම ලකුණු ඒ ඒ අයගේ විභාග අංකය අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk.  වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකිය.
පහත යොමුවෙන් දැක්වෙන්නේ අවම ලකුණු සටහන් කළ වගුවයි

http://www.ugc.ac.lk/html/attachments/2021_COP_2017_2018-ENGLISH.pdf
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment