රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.


ශ්‍රී ලංකා තේ සඳහා රුසියානු රජය විසින් පසුගියදා පැනවූ තහනම දෙසැම්බර් මස 30දා සිට අත්හිවීමට එරට බලධාරීන් අද (25) තීරණය කල බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසිය.

මෙරට තේ සඳහා තහනමක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු බලධාරින් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡා වෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

රුසියාව ශ්‍රී ලංකාවේ තේ සඳහා තහනමක් පැනවුයේ, මෙරටින් යැවූ තේ බහාලූමක 'කප්රා' නැමැති කුරුමිණි බිත්තර තිබු බව පවසමිනි.

මින් ඉදිරියට එවැනි අතපසුවීම් සිදුනොවීමට වගබලා ගන්න බවට මෙරට නියෝජිතයින් එරට බලධාරීන්ට සහතික වී තිබේ.

රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවා වන අතර ශ්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට විසි පහක්ම මිලදී ගන්නේද රුසියාවයි.

ඒ අනුව, රුසියාව පැනවූ මෙම තහනම මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබිණ.

ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ඊයේ රුසියාව බලා පිටත්ව ගියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනාධිපති පුටින් මහතා අතර පැවති ලිපි හුවමාරුවක ප්‍රතිපලයක් ලෙසය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති පුටින් මහතාට යැව් ලිපිය මෙම තහනම ඉවත්කර ගැනීමට විශාල පිටුවහලක් වූ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment