52% ක් ගත්තොත් එජාප ආණ්ඩුවක් හදන්න යයි.


මෙවර පළාත් පාලන මැතිවරණයේදී සියයට 52%කට වඩා මන්ත්‍රී ආසන ගණනක් එජාපය ජයගතහොත් තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන ලෙසට පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් ලබාදීමට පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

එලෙස ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන තුළ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසට යෝජනාවක්ද සම්මත කර ගැනීමට තීරණය කර ඇතැයි ද හෙතෙම පවසා ඇත.

එම යෝජනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටත් ඉන් අනතුරුව එළඹෙන නව වසරේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමටත් අරමුණු කරගෙන ඇතැයි මන්ත්‍රීවරයා පවසා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment