බිලියන 784 ක්‌ ණය ආපසු ගෙවලා - මුදල් අමාත්‍යාංශය.

මේ වසරේ (2017) පළමු මාස අටේදී ණය ආපසු ගෙවීම සඳහා රු. බිලියන 784 ක්‌ වැයකර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

2016 වසරේ පළමු මාස අටේදී ණය ආපසු ගෙවීම සඳහා වැය කළ මුදල රු. බිලියන 55 ක්‌ විය. මේ අනුව මේ වසරේ පළමු මාස අටේදී ණය ආපසු ගෙවීමේ වියදම් සියයට 41 කින් වර්ධනය වී ඇත.

මෙම රු. බිලියන 784 න් රු. බිලියන 641 ක්‌ දේශීය ණය ආපසු ගෙවීමට සහ තවත් රු. බිලියන 137 ක්‌ විදේශ ණය ආපසු ගෙවීමටද වැයකර ඇත. මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ (2018) මේ බව සඳහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment