A/L වැටුණ කියල ගෙවල් පිටින් අප්සෙට් වෙන්න ඕනෙ නෑ!-උපුල් කුමාරප්පෙරුම

A/L වැටුණ කියල ගෙවල් පිටින් අප්සෙට් වෙන්න ඕනෙ නෑ!-උපුල් කුමාරප්පෙරුම

ඕ ලෙවල් රිසල්ට් ආපු දවසෙ තාත්තට ඕන උනා මාව දොස්තර කෙනෙක් කරන්න. මම බෑම කිව්ව, ආර්ට්ස් කරන්න ඕනමයි කිව්ව. තාත්ත කිව්වා තාත්ත ආර්ට්ස් කරල ඉකොන් ස්පෙශල් එකක් කරලත් අන්තිමට ගුරු පත්වීමක් විතරයි ලැබුණෙ කියල. තාත්තගෙ උවමනාවට සයන්ස් කරා. සී එකයි එස් තුනයි ප්‍රතිඵලය. එදා ගෙදරම අප්සට්. නෑදැයන්ට මූන දෙන්න ලැජ්ජයි කිව්ව, ගොඩක් යාලුවන්ගෙ නෑදැයන්ගෙ දරුවො කැම්පස් කිව්ව. ඉල්ලපු හැම දෙයක්ම අරන් දුන්න කිව්ව, රටේ නැති සියලු දෝශාරෝපණ සියල්ල එල්ල කලා. මට ආර්ට්ස් කරන්න දුන්නෙ නැත්තෙ ඇයි කියල මම ඇහුව. උඹ ඕන මගුලක් කරගනින් කියල කතාව ඉවර උනා. මට ලැබුණු නිදහසෙන් ලෝ එන්ට්‍රන්ස් කලා; පාස් උනා. ලෝයර් කෙනෙක් උනා. වැඩත් කරගෙන යනව.

එදා මට තිබුණෙ උසස් අධ්‍යාපනය ගැන පොඩි දැණුමක්. මගෙත් එක්ක එක පන්තියේ හිටපු එකෙක් සිමා කලා. ඒකා අද ලොකු තැනක. ඒ ඒලෙවල් හොඳටම පාස්වෙලා කැම්පස් අත හැරල කරපු වැඩක් ඒක. ඒ යාලුවගෙන් තමයි ඉස්සෙල්ලම මම සිමා ගැන ඉගෙන ගත්තෙ. තව එකෙක් ඒ ලෙවල්වලට පස්සෙ ෆාමසිස්ට් කෝස් එකක් කලා. දැං ඒ විෂයට අදාලව ලංකාවෙ ඉන්න හොඳම ගුරුවරයෙක්. බෙහෙත් බිස්නස් එකත් කරනව. ඒ කාලෙ ගොඩක් දේවල් තිබුණෙ නැහැ කරන්න. මාතර වගේ පැතිවල දරුවො දෙමව්පියො හිතුවෙ විශ්ව විද්‍යාලයට ගියෙ නැත්නම් සියල්ල ඉවරයි කියල. ඒ කාලෙ ඒ පැතිවලට දෙමාපියන්ගෙ පැත්තෙන් ඒ තර්කය හරි කියල හිතෙනව. තෘතීක අධ්‍යාපනයේ අවස්ථා තිබුණෙ නැහැ, ඒ වගේම දන්නෙ නැහැ. රස්සා අවස්ථා නැහැ. කොලඹට ඇවිත් ටයි එකක් දාගෙන කරන්න පුලුවන් එකම රස්සාව සේල්ස් රෙප් ජොබ් එක විතරයි. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ හරි උඩ තැනක රස්සාවක් ගන්න බාධක ගොඩක් තිබුණ; හොඳ ඉංග්‍රීසි, කල්චරල් ශොක් එක එයින් ප්‍රධානයි. ඒ නිසා හැම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් බැලුවෙ දරුවො දොස්තරල ඉන්ජිනේරුවො බවට පත් කරන්න. මගේ කලා කරල කැම්පස් යෑමේ සිහිනයත් බොඳ උනේ ඔය කාරණය නිසා.

අද එහෙම නෙවෙයි. අවස්ථා ගොඩක් තියෙනව. සමාජයත් පුලුල් වෙලා තියෙනව.අද සමාජයෙ අනෙක් කොන ලංකාවෙන් එහා තියෙන්නෙ. ඒ තරම් අවකාශය පුලුල් සහ පැතිරිල. තව දුරටත් ඒ ලෙවල් ප්‍රතිඵලය ජීවිතයේ කඩඉම තීරණය කරන ප්‍රධාන සාධකය සහ බාධකය වෙන්න ඕන නැහැ. තව අවස්ථා ඕන තරම් තියෙනව. සියල්ල ඉවර නැහැ. ගෙවල් පිටින් අප්සට් වෙන්න ඕන නැහැ, ෆෝන් නිවාගෙන හැංගෙන්න දෙයක් නෑ. සරල කතාවක් තියෙන්නෙ. ඒ ලෙවල් වලින් එහාට ලෝකය බලන්න. දරුවට හොඳයි කියන දේ කරන්න දෙන්න. තව අවුරුදු තුන හතරකින් මට මැසේජ් එකක් දාල කියන්න උඹ කිව්වදේ ටක්කෙට වැඩ කලා කියල.

- අධිනීතීඥ උපුල් කුමාරප්පෙරුමගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment