මේ සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් සමග බෞද්ධ ස්වාමීන් වහන්සේලා හා අනිකුත් ආගමික නායකයින් රැසක් සහභාගි විය.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජල කළමණාකරණ හා වාරිමාර්ග රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ අද දවසේ රටට බරපතල ප්‍රශ්නයක්ව තිබෙන අපද්‍රව්‍ය හා කසළ කලමණාකරනය වෙනුවෙන් අධිපති විජිත සාමෙල් මහතා කෝටි ගණනක ආයෝජනයක් කොට මෙම කර්මාන්ත ශාලාව ඉදිකොට ඇති බවයි.
එතුළින් දිස්ත්‍රික්කය පුරා කසල පොලිතින් ටොන් 200 ක් මසකට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බවත් එම පොලිතීන් වලින් පොලිතින් බෑග්, පොලිතීන් ෂීට්, මල් බාස්කට්, ඇතුළු ප්ලාස්ටික් උපකරණ නිපදවීමට කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා හෙලි කළේය.
ප්‍රදේශයේ පරිසර හිතකාමී බොහෝ දෙනෙක් මෙම උත්සව අවස්ථාවට එක් වු අතර මෙහිදී කර්මාන්තශාලාව තුළින් සිදුකෙරෙන කාර්ය භාර්ය නැරඹීමද එහි සුවිශේෂි අවස්ථාවක් බවට පත්ව තිබුණි.
කේ. ප්‍රියංකර
0 comments :
Post a Comment