කොන්දේසි සහිතව රුසියානු තේ තහනම ඉවත්වූ හැටි


කොන්දේසි සහිතව
රුසියානු තේ තහනම ඉවත්වූ හැටි

මෙරට තේ සඳහා රුසියාව විසින් පනවා තිබූ තහනම මෙම 30 දා සිට ඉවත් කර තිබේ.නීතිපති දෙපාර්තමේන්තුව, තේ මණ්‌ඩලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ ශ්‍රී ලාංකික තාක්‌ෂණික කමිටුව රුසියානු රජයේ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙය සිදුවිය.
 මෙරට තේ නිෂ්පාදන මිලදී ගන්නා ප්‍රමුඛම රට වන රුසියාවට යෑවූ බහාලුමක
කප්රා නමැති කෘමියකු

සිටි බව කියමින් රුසියානු රජය පසුගිය 18 දා සිට ශ්‍රී ලංකාවේ තේ සඳහා මාස 06 ක තාවකාලික තහනමක්‌ පනවා තිබිණි.මුලදී මෙම තහනමට මුල්වූයේ රුසියාවෙන් මෙරටට ගෙන්වන ඇස්‌බැස්‌ටෝස්‌ ලබන ජනවාරි පළමුවැනිදා සිට අත්හිටුවීමට රජය ගෙන තිබූ තීරණය බවට ආරංචි පළව තිබුණ අතර කැබිනට් මන්ඩලය එම තීරණය වෙනස් කරන්නට පියවර ගෙන තිබුණි.
 මෙම තහනම ඉවත් කරගැනීමේ සාකච්ඡාවේදී තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මුල්වී කටයුතු කළ අතර
රුසියාව වෙනුවෙන් එරට සත්ත්ව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ ආයතනයේ ප‍්‍රධානී සර්ගෙයි ඩැන්ක්වර්ට් සාකච්ඡාවට සහභාගී වූයේය. සාකච්ඡාවේ ප‍්‍රතිඵලයක් ලෙසින්, අදාළ තහනම දෙසැම්බර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කරන බව රුසියාව දන්වා සිටින ලදි.
 බලධාරීන් අතර සහයෝගීතාව සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වෙත ජනාධිපති සිරිසේන යැවූ ලිපිය ද මෙම වෙනසට මුල්වූ බව පැවසිණි.
මවින් ඉදිරියට රුසියාවට තේ අපනයනය කිරීමේදී බහාලුම් දූමායන කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක්ද පනවා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment