නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට
ලද තොරතුරු අනුව උඩප්පුව, නගුල්එළිය මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 5 ක පමණ දුරකින් ‍සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව එම යාත්‍රාව දෙසට නාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර, එහිදී ‍එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් උඩප්පුව, මන්නාරම සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යෑමට උත්සාහ කර ඇති බවට සැක පළ ‍කරන අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ යාත්‍රාව ආරච්චිකට්ටුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි. 
 
ධනංජය සෙනෙවිරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget