නවීන් විපක්‌ෂයේ ආසනයකට.


පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් මඟ හරිමින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (04 දා) සභා ගැබට පැමිණ විපක්‌ෂයේ ආසනයක අසුන් ගෙන සිටි අයුරු දක්‌නට ලැබිණි.

සභා ගැබෙහි විපක්‌ෂය පැත්තේ පසුපස ආසන පේළියක සිටින එජාප මන්ත්‍රීවරුන් අතර සිටි සන්දිත් සමරසිංහ මහතා අසල තිබූ අසුනේ හිඳ දිසානායක මහතා සමරසිංහ මහතා සමඟ කතාබහ කරමින් සිටියේය. එජාප මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, හේෂාන් විතානගේ සහ චමින්ද විඡේසිරි යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්‌ව සිටියහ.

ඒ අවස්‌ථාවේ මුලසුනේ සිටියේ කථානායක කරු ජයසූරිය මහතාය. ඇමැතිවරයෙක්‌ මෙසේ විපක්‌ෂය පැත්තේ අසුන් ගෙන සිටින අයුරු දුටු ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ලවා විටින් විට ඒ ගැන දිසානායක මහතා දැනුවත් කළහ. එහෙත් දිසානායක මහතා විපක්‌ෂයේ අසුන් ගෙන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කරමින් සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment