මෛත්‍රී සභාපතිකමෙන් ඉවතට.


මෛත්‍රී ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඛණිජ වැලි සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් මහතා කටයුතු කර තිබේ.

මෛත්‍රී ගුණරත්න මහතා එක්‌සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ඔහුගේ පක්ෂ ද ඉදිරිපත්ව සිටීම මෙසේ තනතුරින් ඉවත් කිරීමට හේතු වී ඇතැයි පැවසේ.

ඔහු පසුගියදා සභාපති ධුරයේ සිටිමින්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කරමින් මාධ්‍ය සාකච්ජා කිහිපයක් ම පැවැත්විය.

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය කිරීම විසඳුම නොවන බව ද, නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යැමට රජයේ අවධානය යොමු විය යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment