කොළඹ මහ නගර සභාවට එන්න නියමිත මන්ත්‍රීවරුන්ට මසකට ලක්ෂ 22 ක්

කොළඹ මහ නගර සභාවට අභිනවයෙන් තේරිපත්වීමට සියමිත නාගරික මන්ත්‍රීවරුන් 113 දෙනාට වැටුප් ඇතුළු දීමනා වෙනුවෙන්ලබන වසරේ සිට මාසිකව රුපියල් ලක්ෂ 22 ක් වෙන් කිරීමට සිදුවන බව නගර සභා
ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙය ඉකුත් කාලයේ සිටි මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් ගෙවු වැටුප්චලව වඩා සියයට 120ක වැඩිවීමත් බවද පැවසේ. එම මන්ත්‍රී කණ්ඩායම් වෙනුවෙන් නගර සභාව මසකට වැයකර ඇති මුදල රූපියල් ලක්ෂ 10ක් බවද දැනගන්නට තිබේ. 2015 අයවැය මගින් මන්ත්‍රී ප්‍රතිපාදන වශයෙන් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වෙන්තර තිබූ අතර, මෙවර එක් මන්ත්‍රීවරයකු වෙනුවෙන් වෙන්කර ඇති මුදල රූපියල් ලක්ෂ 10ක් බවද 2018 අයවැය වාර්තාවල දැක්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment