එජාප ඡන්ද වැඩ මහනුවරින් පටන් ගත්තොත් බඩු ෂුවර්ලු..


පෙබරවාරි මස 10දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඓතිහාසික මහනුවර නගරයෙන් ආරම්භ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ.

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ඉදිරියේදී මැතිවරණ සටන මහනුවරින් ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පසුගිය ජනාධිපතිවරණය ඇතුළු එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ බොහෝ මැතිවරණවල ඡන්ද සටන ආරම්භ කර තිබෙන්නේ ඓතිහාසික මහනුවර නගරයෙන් බවත් ඒ අනුව මහනුවර නගරයෙන් ඡන්ද සටන අරඹා මෙවර පළාත් පාලන මැතිවරණයෙන්ද එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එජාප නායකයා විශ්වාස කරන බවත් එජාප ජේෂ්ඨයන් පවසයි.

(Lanka Daily)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment