ශ්‍රීලනිප සහයත් පොහොට්ටුවට : පොහොට්ටුවේ සහාය කාට ද?


ශ්‍රීලනිප නාම යෝජනා ප්‍රතික්ශේප වූ දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ප්‍රාදේශීය සභා ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනා සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කළ හැකි පොදුජන පෙරමුණට බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියයි.

"එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සභා ගනනාවක බලය ඇල්ලුවොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තය හිරේ දානවමයි. මම කියනව දුමින්දට ඔය බබා දේශපාලනය නවත්තන්න කියල. අපි කියනව නාමල්ට ලපටි දේශපාලනය නවත්තන්න කියල. " යනුවෙන්ද ඔහු කියා සිටියේය.

පොහොට්ටුවේ සහාය?

පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ ආයතනවලදී කිසිදු දේශපාලන පක්‍ෂයකට සහාය නොදැක්වීමට එම පක්‍ෂය තිරණය කර ඇත.

එම පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේය.

මුල් අදියරයේ නාම යෝජනා කැදවු ආයතන 93 සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍ර 06ක් ප‍්‍රතික්‍ෂෙප විය.


ඉතිරි ආයත 208ක් සදහා නාම යෝජනා බාර ගැනීම අදින් අවසන් වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment