රාජපක්ෂලා කොළඹ අල්ලන්න යයි : දැවැන්ත වැඩසටහනක් කරළියට.


පොදුජන පෙරමුණේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරඟවදින මිලින්ද රාජපක්ෂ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්‍යවරු සම්බන්ධ කරගනිමින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් නිර්මාණය කෙරෙමින් පවතින බව වාර්තා වී තිබේ.

රාජපක්ෂ පවුලේ බල අවශ්‍යතාවයන් තෘප්තිමත් කරගැනීම සඳහා කොළඹ නගරයේ දේශපාලන බලය අත්පත් කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් වන නිසා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන ගණනක මුදලක් වැය කිරීමට  නාමල් රාජපක්ෂගේ හිතවතුන් කිහිප දෙනෙකු එකග වී ඇතැයිද වාර්තා වේ. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ ගත වීමට ප්‍රථම මිලින්ද රාජපක්ෂ කැදවා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සාර්ථකව කලමනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් රැසක්ද ලබා දී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර තිබේ. 

කොළඹ නගරයේ ජනතාවගේ ජන්දය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරන ක්‍රමෝපායන් භාවිතා කරමින් තමන් වෙත දිනා ගැනීම සඳහා මිලින්ද රාජපක්ෂ දැඩි උත්සාහයක නිරත වන බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment