ඉන්දියාව තීරණාත්මක අංශ කිහිපයකින්ම භූතානයේ පියා වැනිය. භූතානයේ ආර්ථිකය, විදේශ කටයුතු, සංස්කෘතික, සමාජීය තත්ත්වයන් මේ හැම දෙයක්ම ඉන්දියාවේ බලපෑම මත තීරණය වේ . ඒ භූතානය ඉන්දියාව සමග දේශ සීමා බෙදා ගන්නා බැවින් සහ අතීතයේ පටන්ම ඉන්දියාව, භූතානය වෙත සිදුකරන ලද මැදිහත් වීම් ද නිසා ය.
මේ පුංචි කුමාරයාගේ නම ජිංසෙන්ග් ය. ඔහුගේ පියා ලෝකයේ සතුටින්ම සිටිනා ජාතියේ තරුණ රජු ය. ජිංසෙන්ග් කුමරා සිය මව්පියන් සමග ඉන්දියාවට ගොස් ඉන්දියාවේ අගමැතිවරයා ඉදිරියේ කිසිදු චකිතයක් හෝ කෝල බවක් නැතිව සිටින අන්දම ජාත්‍යන්තර පුවත් සේවාවන්ගේ ශීර්ෂපාඨ මැව්වේ ය. බීබීසී පුවත්සේවය මෙම ඡායාරූප වාර්තාවේදී කියා තිබුණේ ‘මෝදි, භූතානයේ පුංචි කුමාරයාගේ රසිකයන්ගේ ලැයිස්තුවේ සිටින හැඩයි! යනුවෙනි.
මෝදි යනු කවුදැයි පුංචි කුමාරයා තවම හරිහැටි නොදන්නවා විය හැකිය. නමුත් මෝදි ඇසුරේදී ඔහු දක්වන සැහැල්ලුව නම් භූතානයට රටක් වටියි.
- හංසිනී සම්පත්
0 comments :
Post a Comment