රෝසි සේනානායකට එරෙහිව පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි.


පා.ම නාමල් රාජපක්ෂ විසින් නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා මුදල් විශුද්ධි කරණය කලැයි කියන සිද්ධියට අදාලව බන්ධනාගාර ගතව සිටි එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කල නිත්‍යා සේනානි සමරනායක මෙවර කොළඹ මහනගර සභාව සදහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වී තිබේ. 

දිර්ඝ කාලයක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවය කර ඇති ඇය පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරියක් ලෙස සැලකේ. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට තරඟ වදින රෝසි සේනානායක මහත්මියගේ  ජන්ද පදනම ආකර්ශණය කිරීම සදහා මිලින්ද රාජපක්ෂ හා එක්ව සේනානි සමරනායකද මැතිවරණ මෙහෙයුමට සම්බන්ධ වනු ඇතැයි වාර්තා වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment