ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරිය කන්ටේනර් මැදිරියකට මාරු වේ!

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරිය කන්ටේනර් මැදිරියකට මාරු වේ!

 

ජාතික රූපවාහිනිය දිගින් දිගටම පාඩු ලබමින් සිටින බව ප්‍රසිද්ධ රහසකි. වාර්තා වන අන්දමට ජාතික රූපවාහිනියට ලැබෙන හොදම ආදායම ලැබෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක කටයුතු වලිනි. එම අදායම මසකට රුපියල් මිලියන 60 කට ආසන්න වෙයි.

නමුත් මෙම ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා ජාතික රූපවාහිනියේ දැනට  භාවිතා වන තාක්ෂණික උපකරණ ඉතාම පැරණි වන අතර ඒවා භාවිතා කිරීමෙන් පිළිබිඹුවන වර්ණ නියමිත වර්ණ වලින් වෙනස් වී පෙන්වයි. මේ හේතුව නිසා ලොතරැයි මණ්ඩලය තම ප්‍රචාරක කටයුතු ජාතික රූපවාහිනියෙන් ගලවා ගෙන ගොස් ස්වධීන රූපවාහිනියට ලබා දීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව මේ ගැටළුවට විසදුමක් වශයෙන් දැනට දියුණු තාක්ෂණික උපකරණ පවතින ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරිය ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක කටයුතු වලට ලබා දීමටත් ප්‍රවෘත්ති මැදිරිය ජාතික රූපවාහිනී ආයතන පරිශ්‍රයේම ඉදි කෙරන කන්ටේනර් වලින් සැකසූ මැදිරියකට ගෙන යාමටත් සැලසුම් සකස් කරමින් සිටී..

කුමී විජේවර්ධන

rupavahini 2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment