දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.


රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ට නියම කළ ස්ථානීය දඩ සහ අධිකරණයෙන් නියම කළ දඩවලින් මෙම වසරේ පළමු මාස 10 තුළ රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් රජය උපයාගෙන තිබෙන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ස්ථානීය දඩවලින් උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 1.3 කි.

තවත් රුපියල් මිලියන 560 කට ආසන්න මුදලක් රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණය නියම කළ දඩවලින් උපයාගෙන ඇති අතර රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් උපයාගෙන ඇත්තේ රථවාහන අනතුරු සඳහා සම්බන්ධවූවන්ට නියම කෙරුණු දඩවලිනි.

මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට සහ සෙසු රථවාහන වැරදි සිදුකරන්නන් හඳුනාගැනීමට මෙම උත්සව සමයේදි තදුරටත් විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment