ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි.



2018 Virtuose Luxe නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

පසුගිය කාලයේ Family Traveler Awards උළෙල හා පසුගිය දා ලන්ඩන්හි  පැවැති Travel Bulletin Star Awards උළෙලේ දී ඉතා වැදගත් සංචාරක ගමනාන්තයක් වශයෙන් සම්මාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එමෙන් ම ශ්‍රී ලංකාව සංචරණය සඳහා උචිත ආරක්ෂාකාරී රටක් ලෙස දැනට ක්‍රියාත්මක සාම ක්‍රියාවලිය ක්‍රියාත්මකවීමෙන් නිවාඩු ගතකිරීමට හිතකාර වටපිටාව පිළිබඳ සහතික දිනාගෙන ඇත. National Geographic Channel, Lonely Planet හා අනෙකුත් නාලිකා ගණනාවක් සමාජ මාධ්‍ය වේදිකාවලත් ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු විකාශය විය.

Eurasia Review යනු දකුණු ආසියාව, යුරෝපය, ලතින් ඇමරිකාව, රුසියාව හා උතුරු අප්‍රිකාව වැනි විශාල ප්‍රදේශයක පැතිරුණු ප්‍රවෘත්ති හා විශ්ලේෂණාත්මක සඟරාවකි. එය ලොවපුරා ප්‍රවෘත්ති ව්‍යාපාර, සමාජ පාරිසරික හා විනෝදාත්මක කරුණු ආවරණය කරයි. ජාත්‍යන්තර ප්‍රවෘත්ති සඟරාවක ප්‍රකාශයට පත්වීම ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සඳහා සුදුසු ගමනාන්තයක් වශයෙන් පිළිගැනීමක් ඇති කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment