මෙය සිදුව තිබෙන්නේ පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නාම යෝජනා දිනාගැනීමට පසු දින ය.
ඔහු විසින් රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ අපේක්ෂකයෙකු වශයෙන් ලියාපදිංචි වීමට ඉල්ලුම් කළ විට එම ලියාපදිංචිය ප්‍රතික්ෂේප වී තිබෙන්නේ ඔහු දුෂණ චෝදනාවකට අධිකරණයෙන් වරදකරුවෙකු වී සිටීම යන කාරණය මත ය.
ඇලෙක්සි නවාල්නි මීට පෙර කියා තිබුණේ එම අධිකරණ තීන්දුව, පුටින්ගේ බලපෑම මත ලබාදුන් එකක් බවයි. ඒ අනුව තමන් පුටින්ගේ දේශපාලන උගුලේ හසුවූ බව ඔහු කියා තිබේ.
කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ මෙම තීරණයට එරෙහිව අභියාචනය කිරීමට නවාල්නි සූදානමින් සිටියි.
1999 වසරේ පටන් පුටින් රුසියාවේ ජනාධිපති හෝ අගමැති ලෙස නායකත්වය හොබවමින් සිටියි. නවාල්නිගේ ඉරණම පිළිබද විමසූ විට ඔහු කියා තිබෙන්නේ බොහෝ දෙනාට අවශ්‍ය ‘සද්දයක් දැමීමට“ පමණක් බවයි. ඒ මිස රට ඉදිරියට ගෙන යාම සදහා නිසි න්‍යායපත්‍රයක් ඔවුන්ට නැතැයි පුටින් උපහාසාත්මක ව කියා තිබේ.
ඇලෙක්සි නවාල්නි ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිකයෙකු වශයෙන් 2011 වසරේ පටන් කැපී පෙනෙන චරිතයකි. ඔහු වඩා විශාල තරුණ බලවේගයක් ඒකරාශි වී තිබේ. 2011 පුටින් විරෝධී රැල්ලේදී ඔහු බරපතළ ලෙස පහරකෑමට ද ලක්විය.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment