'මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා' : ජනපති


ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250ක මුදලක් නිදහස් කර එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමුකිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොහොර ලබාගැනීම සදහා ගොවි ජනතාවගේ බැංකු ගිණුම්වලට මුදල් ලැබී නොමැති බවට මුදල් අමාත්‍යාංශයෙන් තමා විමසීමක් කළ බවයි.

ඒ අනුව අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හැරී බව ජනාධිපතිවරයා පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment