පොලිස් ඇමති පාතාල නායකයෙකුගේ විවාහයේ සාක්ෂියට අත්සන් තබයි.


පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

කොස්ගොඩ සුජී නමැත්තාට බලපිටිය අධිකරණයේ අධිචෝදනා පත‍්‍ර ද ගොනුකර ඇති අතර ඔහු ඝාතන රැසකට සහ පාතාල කි‍්‍රයාකරකම් ගණනාවකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ සමග පාතාල සාමාජිකයෙකු වන මධුෂ් නමැත්තාද සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.

මාකඳුරේ මදුෂ් නොහොත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නමැත්තා කලක් ඔහුගේ නිවසේ නවාතැන්ගෙන සිටි බවටයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

මධුෂ් නමැත්තාද අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් නිල් නිවේදනද නිකුත් කර තිබෙනවා.

(නෙත් නිවුස්)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment