සියලු දෙනා මැතිවරණයට කරට කර සටනක, පක්ෂ නියෝජිතයන්ගේ අදහස්

සියලු දෙනා මැතිවරණයට කරට කර සටනක, පක්ෂ නියෝජිතයන්ගේ අදහස්

 

පළමු වටයේ මෙන්ම මෙවරද දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණි. පළමු අදියරේදී මෙන් දෙවන අදියරේදීද පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත. තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණේ පක්ෂ ලේකම් වරයාගේ අත්සන නොතිබීම නිසා යැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා නිවේදනය කර ඇත. යාපනය මහ නගර සභාව,වලිකාමම් උතුර,වලිකාමම් නැගෙනහිර,ඩෙල්ෆ් යන ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඔවුන් ඉදිරිපැත් කළ නමයෝජනාද ප්‍රතික්ෂේප වී තිබේ.

 

මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ නාමයෝජනා ,මව් බිම ජනතා පක්ෂයේ දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ නාමයෝජනාව ,ජාතික ජනතා පක්ෂයේ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනාව හා එක්සත් සමාජවාදී පක්ෂයේ කෝට්ටේ නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනාවද ප්‍රතික්ෂේප වී ඇතැයි අදාළ තේරීම්භාර නිලධාරීන් නිවේදනය ක‍ර තිබේ. නාමයෝජනා භාර දීමේදී ඉතා සැලකිල්ලෙන් එම කටයුත්ත කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය මෙම කාරණාවේදී පෙරමුණේ වෙයි.

නාමයෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔවුන් සියලු දෙනා පාහේ ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන මැතිවරණය දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් බවයි.

නිශාන්ත ප්‍රියදර්ශන

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment