ගිගිරි සැලෙනා තිඹිරි හන්දිය
තගරි දමනා ග්‍රෙගරි වීදිය
හෙට්ටු කර කර රට්ටු රවටන
කට්ට කපටිම හෙට්ටිවීදිය
කුරුළු රොත්ත තුරුළු වෙච්ච
අඳුරු පැත්ත කුරුඳු වත්ත
කැලුම් ගලන රැඟුම් මැදුර
බැලුම් යවන නෙලුම් පොකුණ
නින්දා උහුලන සංඝාරාමය
ශෘංගාරය පිරි ගංගාරාමය
රංචු ගොනු වෙච්ච පුංචි ජාවත්ත
අංචි දාගත්ත පංචිකාවත්ත
ඇතැම් තැන් වල පැතුම් දැල්වෙන
හැතැප්මක් නැති චැතැම් වීදිය
පස්ස හරවන පිස්පෝච්චිය
කැස්ස බෝවෙන ඇස් වාට්ටුව
ඔටුව පිටෝටුව ඔට්ටාවට යන එන
බොටුව කඩාගෙන මොරදෙන වට්ටෝරුව
කටුව ලොවාගෙන ගොඩ යන රස්සාවට
රටම හඹාගෙන දුව යන කන්තෝරුව
0 comments :
Post a Comment