මෛත්‍රීගේ හවුල් පක්ෂ ගිවිසුමට අත්සන් තැබීම හෙට.


මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28 වැනිදා) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ. 

 මෙහිදී දේශපාලන පක්‍ෂ 15 ක අවබෝධතා ගිවිසුමට අත්සන් කරන බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද එදින එළිදක්‌වන බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ (26 වැනිදා) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment