ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.

ජේසුතුමා ද සංක්‍රමණිකයෙකි. - සුදොවුන් පාප්වහන්සේ නත්තල් සැඳෑවේ පවසති.

‘මේ නිසා මිලියන ගණනක් වූ සංක්‍රමණිකයන්ගේ දුක්බර තත්වය ගැන නොසලකා සිටින්න එපා..“ නත්තල් සැඳෑවේ දේව මෙහෙය පවත්වමින් සහ බයිබල් කතාව සිහිපත කර දෙමින් කතෝලික ලෝකයට ඒ බව නැවත සිහිපත් කර දුන්නේ අති උතුම් සුදොවුන් පාප්වහන්සේ විසිනි.

‘‘ජොසුවා සහ මරියාගේ පිය සටහන් තුළ තවත් පිය සටහන් ගණනාවක් සැඟවී තිබෙනවා“ යැයි ද 81 හැවිරිදි, ආර්ජන්ටිනා ජාතික පාප්වහන්සේ වතිතානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වු නත්තල් දේව මෙහෙයේදී පවසා සිටියහ. සැබවින්ම උන්වහන්සේ ද ඉතාලි සංක්‍රමණිකයන් දෙපළකගේ මුණුපුරා ය.

‘‘අහිංසකයන්ගේ ලේ හැළුණාට ප්‍රශ්නයක් නැතැයි සිතන නායකයන් වෙතින් බොහෝ සංක්‍රමණිකයන් ට පළා යන්නට සිද්ධ වෙලා.“ යැයි ද උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ. උන්වහන්සේ සිය පාප්ධුරය දරන කාලය මුළුල්ලේම සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ගේ ගැටළු වෙනුවෙන් මානුෂීය දැක්මකින් යුතුව කටයුතු කරමින් සිටිති.

මේ වන විට ලොව පුරා ජීවත් වන සංක්‍රමණිකයන් ගණන මිලියන 22 කි. මියැන්මාරයේ රොහින්ගියානුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දරුණු මර්දනය හේතුවෙන් මෑතකදී මෙම සංක්‍රමණිකයන් බිහිවීමේ වේගය ඉහළ ගොස් තිබේ. ලොව පුරා ජීවත් වන බිලියන 1.2 ක රෝමානු කතෝලිකයන්ගේ නායකයා වන උන්වහන්සේ, "Urbi et Orbi" ("to the city and to the world") යනුවෙන් නම් කර ඇති සිය නත්තල් දේශනය අද සවස පැවැත්වීමට නියමිත ය.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment