"සිරි රජ සිරි" චිත්‍රපටයේ කිරිඉබ්බන්දෙනියේ මහරජතුමා අවසන් නොවූ කතාවක

 2010 වසරේ චීනයේ පැවති 10වන ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ " ලෝකයේ හොඳම ළමා නළුවා" ට හිමි ජාත්‍යන්තර සම්මානයද හිමිකරගෙන ඔහු ශ්‍රීලංකා නාමය ජාත්‍යන්තරයේ රනින් සනිටුවන් කිරීමට සමත් වුවා. සිනමාව පමණක් නොව වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය වලද රංනයෙන් දායක වී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලවල් රැසකදී මොහු සම්ම්මානයට පාත්‍රවී ඇත. එවිට මොහුට වයස අවුරුදු 11කි. දැන් මොහුට වයස අවුරුදු 21කි. "අවසන් නොවූ කතාව" මොහුගේ කතාවකි. මෙහි ගායනය මෙන්ම ගේය පද ද මොහුගේ වෙයි. මෙහි වීඩියෝව අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කර තිබෙන්නේද මොහුය. මෙය ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය යි. ඔහුගේ දක්ශතාවය රංගනයට පමණක් නොවන බව ඔහුම ඔහුගේ "අවසන් නොවූ කතාව" තුළින් මනාව විදහා දක්වා තිබේ.

ළමා නළුවකු වශයෙන් රංගනයෙන් දැක්වූ දක්ෂතාවයන් වෙනුවෙන් මේ වන තෙක් ඔහු ලබා ඇති සම්මානයන්..

* 2008 රජ්‍ය ළමා නට්‍ය උලෙළේ හොඳම ළමා නළුවා.

* 2008 සරසවි සම්මාන උළෙලේ හොඳම ළමා නළුවා.

* 2008 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ ජූරියේ විශේෂ ඇගයිම් මත හොඳම ළමා නළුවා.

* 2009 සරසවි නිර්මාණ සම්මාන උලෙළේ ප්‍රසාද පූජා සම්මානය.

* 2010 චීනයේ පැවති 10වන අන්තර්ජාතික ළමා චිත්‍රපට උළෙලේ ලෝකයේ හොඳම ළමා නළුවා ට හිමි සම්මානය.

* 2012 වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය උළෙලේ හොඳම සහය නළුවා ට හිමි සම්මානය.

*2013 කොළඹ ළමයි නාට්‍ය උළෙලේ - - හොඳම නළුවා
- හොඳම නාට්‍ය රචනය
- හොඳම අධ්‍යක්ෂණය
- හොඳම නාට්‍ය නිෂ්පාදනය ට හිමි සම්මාන සියල්ලම දිනා ගැනීම.

*2014 කොළඹ ළමයි නට්‍ය උළෙලේ
- හොඳම නාට්‍ය රචනය
- හොඳම අධ්‍යක්ෂණය
- හොඳම නාට්‍ය නිෂ්පාදනය ට හිමි සම්මාන සියලම පිට පිට දෙවන වතාවටත් දිනා ගැනීම.

* 2014 රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ ඇගයිම් මත හොඳම ළමා නළුවා.

Kokila

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment