මිතුරන් 7 දෙනෙකු ඔයේ දිය දිය නෑමට ගොස් ඇති අතර අදාළ සිසුන් දෙදෙනා දුරකථනයෙන් ජායාරූප ගැනීමට ඔය මැඳට ගොස් තිබේ. එහිදි වැලි ගැනීමට හෑරූ වළක වැටී මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
පුදුකුඩිඉරිප්පු ශිවනගර් ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන ශිවරාසා බහිදරන් හා තවම් කණිෂ්ටන් න එලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
අදාළ තරුණයින් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට මිතුරන් පැවසීමෙන් පසු ගම්වාසීන් හා පොලිසිය මැදිහත්වී ඔය පරීක්ෂා කිරීමේදී සිරුරු සොයා ගැනීමට හැකි වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිතුරන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීම් වලදී හෙලි වී ඇත්තේ අදාළ තරුණයින් දෙදෙනා දුරකථනයෙන් ජායාරූප ගනිමින් ඔය මැද දක්වා පසුපසට ගමන් කිරීමේදී එකවරම දියේ ගිලූණු බවටයි.
මියගිය තරුණයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment