විමල්ගේ දෙවනියා කරනමකට සැරසේ - අනුරපුරෙන් වැඩ ආරම්භයි.


විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායන මහතා අද (05) පෙරවරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා තිබේ.

ඒ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් පක්ෂය එක්ව තරග කරන ලෙස බලකරමින් ඔහු මෙම මාධ්‍ය හමුව කැඳවා ඇති බවත්, ශ්‍රිලනිප - ඒකාබද්ධ සාකච්ඡා කඩා කප්පල් කිරීමට කටයුතු කළ කුමන්ත්‍රණකාරීන් කවුරුන්දැයි එහිදී හෙළිදරව් කිරීමට නියමිත බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයකු  පැවසිය.

ශ්‍රිලනිප - ඒකාබද්ධ කිරීමට ඔහු ප්‍රසිද්ධියේ ගෙන යන සටනට ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මෙන්ම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුගමගේ යන ඇමතිවරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ සහයෝගය ඵල වී ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment