මන්නාරම් කතෝලික සභාවේ ඉල්ලීම මත සිරුරු 15 ක් ගොඩගනියි

මන්නාරම් කතෝලික සභාවේ ඉල්ලීම මත සිරුරු 15 ක් ගොඩගනියි

 


මීට වසර 10 කට පමණ පෙර මන්නාරම පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබූ මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බව මන්නාරම පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිරුරු ගොඩ ගැනීම සිදුකළ බවටයි. අදාළ කනත්ත කලින් කතෝලික කනත්තක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබූ අතර, අනතුරුව අදාළ කනත්ත තුළ සියළු දෙනාගේ සිරුරු මිහිදන් කොට ඇති බව ප‍්‍රදේශවාසීන් පවසති.

මෙසේ ගොඩ ගත් මළ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ කනත්තක් තුළ නැවත මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ සිරුරු ගොඩගෙන ඇති බවද මන්නාරම පොලිසිය පැවසීය. මන්නාරම කතෝලික සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිට අදාළ සිරුරු ගොඩගත් බවද පොලිසිය සදහන් කළේය.

මන්නාරම පොලිසිය වැඩි දුරටත් පැවසූවේ ගොඩගත් සිරුරු මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිටදීම නැවත නව කනත්තේ මිහිදන් කළ බවයි.

- වන්නි රොමේෂ් මධුෂංඛ

625.0.560.320.160.600.053.800.700.160.90 10

625.0.560.320.160.600.053.800.700.160.90 11

625.0.560.320.160.600.053.800.700.160.90 12

625.0.560.320.160.600.053.800.700.160.90 14

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment