තැළී පොඩි වී ඇද්ද එය
තිබී ජීවිත කම්මලේ
එහාට මෙහාට විසි වෙවී
ඉරි තැළී ගොසින් ද එය
ආදරයකින් පීඩා විඳ
බරට බර වී ඇද්ද එය
දොළ ළඟ දුක් ගී වලින්
මඩ තැවරුණ දෙපා සවසට දොවනා
පැළී ගොස් ඇද්ද එය කී වරක්
බලාපොරොත්තු සුන් වී බිම වැටී
ගුලි වී ඇද්ද එහි
කලාගාරයෙදි දුටු සිත්තමක්
නොලියැවුණු ගීතයක්
නොකියැවුණු ආදරයක්
0 comments :
Post a Comment