හෙට අනිද්දා කාලගුණය ගැන වැඩි විමසිල්ලෙන් සිටින්න

හෙට අනිද්දා කාලගුණය ගැන වැඩි විමසිල්ලෙන් සිටින්න

 

මෙම අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දින තුන හෝ හතරක කාලයේදී මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියාවට ළඟාවනු ඇතැයි ද අනාවැකි පළ කෙරේ.

ශ්‍රී ලංකාවට මෙහි බලපෑම සිදුවිය හැක්කේ හෙට දිනයේ සිට බවත් සිදුවෙමින් පවතින වෙනස්කම් නිරන්තරයෙන් අධ්‍යනය කරමින් කිසියම් අනතුරුදායක තත්වයක් හඳුනාගතහොත් ඒ පිළිබඳව වහාම දැනුවත් කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට හඳුනාගෙන ඇති තත්වයන්ට අනුව ඉදිරි දින කිහිපයේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බවත් ධීවර ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.

මේ අතර ඉදිරි දිනවල ඇතිවිය හැකි ආපදා සම්බන්ධයෙන් මාධ්‍ය හරහා නිකුත් කරන නිවේදන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා අධික වැසි සහිත කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන් නායයාම් නිවේදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment