විමල්ගේ රතු කට්ට පැනීමට ඉතා ආසන්නයි

විමල්ගේ රතු කට්ට පැනීමට ඉතා ආසන්නයි

 

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මේ දිනවල විමල් වීරවංශව එජාපයට එක් කරගැනීම සඳහා උපරිම උත්සාහ දරමින් සිටී. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පවුලේ උදවියගේ ද අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එජාපයට එක් වී තමන්ට ඇති නඩු කටයුතු වලින් සහනයක් ලබාගත යුතු බවටය. ඒ, ඉතා කෙටි කලක් තුළ විමල් වීරවංශට නැවතත් සිරගතවීමට සිදුවන බව නීතිමය අංශයෙන් ප්‍රකාශ වී තිබීම නිසාය.

මේ හේතුවෙන් විමල් වීරවංශ ද මේ වන විට දෙලොවත් අතර සිටින තත්වයට පත්ව සිටී. ඔහු පවුලේ උදවියගෙන් විමසා ඇත්තේ මේ තරම් බැණවැදුණු ආණ්ඩුවකට තමන් කලිසමක් ඇඳගෙන යන්නේ කෙසේද කියාය. එවිට ඔහුගේ බිරිඳ පිළිතුරු දී ඇත්තේ මේ යන විදිය අනුව පොහොට්ටුවේ සිටියහොත් කලිසම නැතිවීම ස්ථිරයැයි කියාය. මේ අනුව ජනවාරි දෙවැනි සතිය වන විට විමල් වීරවංශගෙන් ද දේශපාලන කරණමක් බලාපොරොත්තු වියහැකි මට්ටමේ පවතී.

කෙසේවෙතත් විමල් වීරවංශ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය වෙත පණිවිඩ යවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කර තනි ආණ්ඩුවක් බිහිකිරීමට සූදානම් නම් තමන්, දිනේශ් ගුණවර්ධන, ගම්මන්පිල ඇතුළු පිරිසම ආණ්ඩුවට පැමිණීමට සූදානම් බවටය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment