කාන්තා අපේක්ෂිකාවන්ට අපහාස මඩ ගැසීම තහනම්.


මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේෂිකාවන්ට එරෙහිව අපහාස, උපහාස, අවලාද, මඩ ප්‍රහාර එල්ල කිරීම  සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම නීතිය උල්ලංඝනය කරන සෑම කෙනෙකුටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කොමිෂන් සභාව නිකුත්කර තිබෙන නියෝග ඒ අයුරින්ම පිළිපැදීමට සියලු දෙනා බැඳී සිටින බවද ඔහු පවසා සිටියේය.

කොමිෂන් සභාවේ නියෝග කඩකරන සියලුම දෙනාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වැනි ව්‍යස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය දේපොළ ආරක්ෂා කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවත්, එම වගකීම පැහැර හැරියහොත් නිලධාරීන්ට  එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව මතක තබාගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment